Thursday, March 28, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩුවකට දින නියම වෙයි




හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා  දෙසැම්බර් 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ නියම කළා.

ඒ, එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. 2012 වසරේදී වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙක් වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබෙනවා.