Friday, April 19, 2024

General line - 0115112241

ඔරියන් යානය සඳේ කක්ෂයට




නාසා ආයතනය විසින් ආර්ටිමිස් චන්ද්‍ර මෙහෙයුමේ පළමු අදියරයෙන් පිටත් කළ ඔරියන් යානය මේ වන විට සද වටා කක්ෂගත වී තිබෙනවා. නොවැම්බර් 16 වනදා දියත් කළ ආර්ටිමිස් වන් චන්ද්‍ර මෙහෙයුමෙන් ඔරියන් යානය ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කළා.

දින 25ක චන්ද්‍ර මෙහෙයුම නිමා කරමින් ඔරියන් යානය දෙසැම්බර් 11 වනදා නැවත පෘථීවිය බලා ඒමට නියමිතයි. ඔරියන් යානය සද මත පතිත වීමක් සිදු නොවන අතර සද වටා ගමන් කර එහි ඡායාරූප ලබාගෙන නැවත පෘථීවිය බලා එනු ඇති බවයි විදෙස් මාධ්‍යවල සදහන් වන්නේ.

ආර්ටිමිස් වන් චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය අනුව ගගනගාමීන් රැගත් ආර්ටිමිස් ටූ මෙහෙයුම 2024 වර්ෂයේදීත් ගගනගාමීන් සද මත පා තැබීමේ ආර්ටිමිස් ත්‍රී චන්ද්‍ර මෙහෙයුම 2025 හෝ 2026 වර්ෂයේදීත් ක්‍රියාත්මක කිරීමටයි නාසා ආයතනය සැලසුම් කර ඇත්තේ.

ඇපලෝ චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 50කට පසු මෙලෙස චන්ද්‍ර මෙහෙයුමක් සාර්ථකව සද වටා කක්ෂගත වීම සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.