Friday, April 26, 2024

General line - 0115112241

පකිස්තාන හමුදා ප්‍රධානියාගේ ලිපිගොනු එළියට




පසුගිය වසර හය තුළ පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා සහ ඔහුගේ පවුලේ අය රුපියල් බිලියන 12.7 ක වත්කම් රැස් කළ බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ පිළිබද පාකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) නායක සහ මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පැවසූයේ ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

නීතීයට අනුව බදු තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීම බදු තොරතුරුවල සම්පූර්ණ රහස්‍යභාවය උල්ලංඝනය කිරීමක් බවත් ඒ පිළිබද කඩිනම් විමර්ශනයක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

අධිකරණ නියෝග නොමැතිව හමුදා ප්‍රධානියා හෝ සාමාන්‍ය මිනිසෙකුගේ හෝ ආදායම් බදු වාර්තාවල වාර්තාව ප්‍රසිද්ධ කිරීමට නීතියෙන් අවසරයක් නොමැති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

හමුදා ප්‍රධානියාගේ සහ  පවුලේ සාමාජිකයින්ගේ බදු වාර්තා හෙළි  කළ අයගේ අනන්‍යතාවයන් ෆෙඩරල් ආදායම් මණ්ඩලය විසින් සොයා ගෙන ඇති බව ද ඔහු සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, අදාළ බදු  සහ වත්කම් තොරතුරු හේතුවෙන් බලවතුන්ගේ අයථා මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් පකිස්තානය පුරා පුලුල් කතාබහක් නිර්මාණය වී ඇති බව සදහන්.