Wednesday, February 8, 2023

General line - 0115112241

ලොව විශාලතම සක්‍රිය ගිනි කන්ද පුපුරායයි




ලොව විශාලතම සක්‍රිය ගිනි කන්ද වන හවායිහි “මවුනා ලෝවා” ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

ඒ, වසර 40 කට පමණ පසුවයි.

ගිනි කන්ද විධාරණය වීම හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසත්, අලු වැටීමේ අවධානමක් පවතින බවත් ගිනි කන්ද අවට ප්‍රදේශවල ජනතාවට බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සේවය ප්‍රකාශ කර ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය වේගයෙන් වෙනස්වී ඇති බවයි.

හවායි ගිනි කදු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති “මවුනා ලෝවා” ගිනි කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13,679 ක් උසකින් යුක්ත වන අතර වර්ග කිලෝමීටර් 5,179 ක භූමි ප්‍රමාණයක විහිද පවතිනවා.