Saturday, April 20, 2024

General line - 0115112241

ලොව ජිවත් වීමට සුදුසු නගර දහය එළිදක්වයි




ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරය තේරී පත්වී තිබෙනවා.

ඒ, ලොව පුරා මිලියන 4යි දශම 5ක සාමාජිකයින් සිටින සමීක්ෂණ ආයතනයක් වන ඉන්ටර්නේෂන් ආයතනය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවට අනුවයි.

ඔවුන් රටවල් 10ක නගර එහිදී ප්‍රකාශයට පත් කර ඇති අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඩුබායි නගරයටයි.

මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරය, පෘතුගාලයේ ලිස්බොන්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, තායිලන්තයේ බැංකොක්, ස්විට්සර්ලන්තයේ බාසල් යන නගරද ඊට අයත්.

එම ලැයිස්තුවේ අටවන ස්ථානය මෙල්බර්න් නගරයටත්, නවවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයටත්, දසවන ස්ථානය සිංගප්පූරුවටත් හිමිව තිබෙනවා. 


නගරයේ සතුටින් ජීවත්වීමේ හැකියාව, සතුටුදායක ජීවන වියදම, සතුටින් රැකියා කිරීමට ඇති හැකියාව, රැකියාව සහ ජීවිතය සමබර කරගැනීමේ හැකියාව සහ සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු කරුණු 6ක් මෙම සමීක්ෂණයට එක් කර ගැනුණා.

එහිදී සියයට 85ක් සතුටින් ජීවත්වීමට හැකි නගරය ලෙස නම් කර ඇත්තේ ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නගරය. සතුටුදායක ජීවන වියදමක් ඇති නගරය ලෙස සියයට 83ක් නම් කර ඇත්තේද වෙලෙන්සියා නගරයයි. 


මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. ඒ සදහා ලොව පුරා ප්‍රකට නගර 50ක් තෝරා ගෙන තිබුණා.

https://www.cnbc.com/2022/11/29/the-top-international-cities-to-live-and-work-abroad-this-year.html