Friday, April 26, 2024

General line - 0115112241

විදුලි බිල වැඩි කිරීම ගැන අධ්‍යාපන ඇමතිටත් ප්‍රශ්නයක්




ලබන වසරේ ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන්ට ද ගැටලුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ ජනතාව අර්බුදයක සිටින මොහොතක මෙලෙස විදුලි බිල වැඩි කිරීම මානුෂීය නොවන බවයි.  


ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරවන බවයි.



මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 


මේ, ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ආදායම් බදු වාර්තා ගොනු කිරීමට අමතර සතියක කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි. 


පාර්ලිමේන්තුවේදී අද අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ අධ්‍යාපන, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබද විවාදය පැවැත්වෙනවා.

මේ, ඊට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.



මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න.



පාර්ලිමේන්තුවේ සජීවී විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.