Friday, April 19, 2024

General line - 0115112241

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියක ගැටෙයි




ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ කුඩා බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි රියදුරා මියගොස් තිබෙනවා.

නාවක්කුලිය දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදී එම අනතුර සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.  

අනතුර සිදුවන අවස්ථාවේදී එම බස් රථයේ ගමන් කර ඇත්තේ එහි රියදුරු පමණක් බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

අනතුරින් දුම්රියට ද අලභ හානි සිදුව තිබෙනවා.


මේ අතර අද පෙරවරුවේද ගාල්ල, උණවටුන දුම්රිය ස්ථානය ආසන්න හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එලෙස මියගොස් ඇත්තේ එම ත්‍රීරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් විදේශීය කාන්තාවක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.