Friday, April 19, 2024

General line - 0115112241

දීර්ඝ විදුලි කප්පාදුවක් ගැනත් අනාවරණයක්




විදුලි බිල වැඩි කිරීමට මේ මොහොතේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ තමන් සතුව පවතින දත්ත අනුව එලෙස විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෙසේවෙතත් විදුලි බිල වැඩි කිරීම සදහා විදුලි බල මණ්ඩලය සිය කොමිසමෙන් මෙතෙක් ඉල්ලීමක් සිදු කර නොමැති බවද ඔහු සදහන් කළා.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක. 

 
මේ අතර විදුලි අර්බුදය සදහා කඩිනමින් සැලසුම් සකස් නොකරන්නේ නම් මාර්තු මාසය වන විට විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

ඉන් මිදීමට නම් බලධාරීන් මේ මොහොතේ සිටම සැලසුම් සකස් කළ යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ. 


විදුලි අර්බුදය සදහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේදී දෛනික විදුලි කප්පාදුව පැය 14ක් සිදු කිරීමට සිදු වුණ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පැවසුවා.