Saturday, April 20, 2024

General line - 0115112241

කණින් කොනින් කියූ ගංජා වවන දේශපාලන හිතවතා අදත් පාර්ලිමේන්තුවේ




සමෘද්ධි සහනාධාරය ලබන නුසුදුසු පුද්ගලයින් ඉන් ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේ කිරීමෙන් සුදුසුකම් ලබන පුද්ගලයින්ට සමෘද්ධි සහනාධාරය ලබා දිය යුතු බවයි අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.


සයිටම් ආයතනය සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. 


මේ, විවාදයට එක් වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න. 


ඉන් අනතුරුව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් බවයි. 


ජාතික පාසල් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යොමු කළ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මෙලෙස පිළිතුරු ලබාදුන්නා. 


මේ අතර නෙත් නිවුස් ඊයේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේ කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයෙන් අනාවරණ කළ ගංජා නීතිගත කළ යුතු බවට පක්ෂව කතාකරන ප්‍රබල දේශපාලන හිතවතා සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේ අදාළ තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.