Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දේශීය ණයත් අවදානමක - ජාත්‍යන්තර ආයතනයක් අනතුරු අඟවයි




ශ්‍රී ලංකාවේ දේශීය ණය පැහැර හැරීමේ අවධානමක් මතුවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය අනතුරු අඟවා තිබෙනවා.

එම ආයතනය පවසන්නේ ඉහළ පොලී අනුපාත, ආදායම් අනුපාතය, ඉහළ යන දේශීය ණය සහ රට තුළ ඇති දැඩි මූල්‍ය කොන්දේසි හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බවයි. ෆිච් රේටින්ග් ආයතනය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එම ආයතනයේ නවතම වාර්තාව ප්‍රකාශයට පත්කරමින්. 

එම ආයතනයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ දේශීය පොලී ගෙවීම් රුපියල් බිලියන 718.8 ක් වනවා. එය දේශීය ආදායම් සහ පොලී අතර අනුපාතය සැලකීමේදී සියයට 56 ක්.

එය දිගු කාලීන දේශීය, විදේශ විනිමය නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීමක CCC මට්ටමේ සිටින රටවල් අතර ඉහළම අගය බවයි ෆිච් රේටින්ග් ආයතනය පවසන්නේ. ඔවුන්ගේ අදාළ වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය, විදේශ විනිමය නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම CCC මට්ටමේ සිට CC දක්වා පහත හෙළීමටයි කටයුතු කර ඇත්තේ.

https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-local-currency-idr-to-cc-affirms-rd-foreign-currency-idr-01-12-2022