Friday, April 19, 2024

General line - 0115112241

මස්වැද්දෝ, කලවැද්දෝ නිසා මැතිසබය උණුසුම්




අයවැය කාරක සභා අවස්ථාව යටතේ අද පැවති පරිසර, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යංශවල වැයශීර්ෂ විවාදයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක සහ ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා අතරයි. මේ, එම විවාදයේදී අදහස් දැක්වූ ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක උණුසුම් ලෙස අදහස් පළ කිරීමත් සමඟ සභාවේ ඇතිවූයේ මෙවන් තත්ත්වයක්.

මේ අතර විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් අර්ථයක් නොමැති කතා හේතුවෙන් සභාවේ වටිනා කාලය අපතේ යන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවසුවා. මේ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා.

පාර්ලිමේන්තුවේ සජීව විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.