Friday, April 19, 2024

General line - 0115112241

පළමු වරට සරසවි කඩයිම් ලකුණු මාස 2කින් නිකුත් වෙයි




2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට එක්කලා. උසස් පෙළ විභාගයක් පවත්වා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල කඩයිම් ලකුණු නිකුත්වී ප්‍රථම අවස්ථාව මෙයයි.

ඒ අනුව  www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස කඩඉම් ලකුණු ලබාගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ. එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 44,000 ක් බඳවා ගැනීමට නියමිත බවයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z Score අගය අනුව තේරී ඇති සිසුන් සඳහා ඔවුන්ගේ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු සති 2ක් ඇතුළත අදාළ සිසුන්ට ලබා දීමටයි නියමිතව ඇත්තේ.

එම තොරතුරු කෙටි පණිවුඩයක් මාර්ගයෙන් හෝ ඊ මේල් හරහා ලබාදෙනු ඇති. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු සම්බන්ධයෙන් යම් අභියාචනයක් ඇත්නම් එය දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වනවා.