Thursday, April 25, 2024

General line - 0115112241

ලබන වසරේ සිට විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වෙන හැටි




විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන්ට ලබන වසරේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය ලබාගැනීමට අවස්ථාව සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි තොරතුරු තාක්‍ෂණය පිළිබද පාලක චම්පක රාමවික්‍රම ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර මේ වන විට විදෙස්ගතවන පිරිස ක්‍රමයෙන් වැඩිවී ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. ඒ අතරට ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පරිගණක ක්ෂේත්‍රයේ පිරිස් ද අයත්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ගතවූ මාස 08 ක කාලය තුළ පමණක් වෛද්‍යවරු 477 ක් රට අතහැරගොස් ඇති බවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින ඉංජිනේරුවරුන් දහසකට වැඩි පිරිසෙන් සියයකට අධික පිරිසක් රට අතහැරගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ එක්දින සේවාව යටතේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ 1,500 යේ සීමාව මේ වන විට 3,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.