Thursday, April 18, 2024

General line - 0115112241

නැව් එන්න කාලයක් නෑ - ශ්‍රී ලංකාවට ගල් අඟුරු ලැබීම අවදානමක




ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට නොලැබීමේ අවධානමක් මතුව ඇතැයි විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ලබන වසරේ දීර්ඝ විදුලි කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට නම් ගල් අඟුරු නැව් 38 ක් අවශ්‍ය වනවා.

මේ වන විට මෙරටට පැමිණ ඇත්තේ නෞකා 05 ක් පමණයි. තවත් නෞකා දෙකකට අවශ්‍ය මූලික ගෙවීම් සිදුකර තිබෙනවා. කෙසේවෙතත් ඉතිරි නෞකා 31 ලබාගැනීමට කාලය ඇත්තේ අප්‍රේල් 30 වනදා දක්වා පමණයි. ඒ, වාරකන් සමයේදී ගල් අගුරු නෞකා නොපැමිණීම හේතුවෙන්.

නෞකාවක් මෙරටට පැමිණ ගල් අඟුරු තොග ගොඩබා පිටව යාමට දින 05 ක කාලයක් ගතවනවා. ඒ අනුව මෙම නෞකා 31 කම පැමිණියහොත් ඒ සඳහා ගතවන දින ගණන 155 ක් එනම් මාස පහකට අධික කාලයක්. එහෙත් අද සිට ලබන අප්‍රේල් 30 වනදා දක්වා මාස 05 කට අධික කාලයක්. එක් නෞකාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සෑම දින 05 කටම වරක් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක්ද ගෙවිය යුතු වනවා.

මේ අතර වාරකන් සමයේ ගල් අගුරු මෙරටට ගෙන්වා ගැනීමට විකල්ප ක්‍රමවේද පිළිබද අවධානය යොමු කරන බව ලංකා ගල් අගුරු සමාගම පවසනවා. එහි සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ගල් අගුරු නෞකා 35ක් මෙරටට ගෙන්වීමට මීට පෙර සැලසුම් කර තිබූ බවයි. ටෙන්ඩර් ගැටලුවක් හේතුවෙන් සැලසුම් කළ පරිදි ගල් අගුරු තොග ආනයනය කිරීමට නොහැකි වූ බවද ඔහු සදහන් කළා.

කෙසේවෙතත් ඉදිරියේදී විය හැකි අවදානම වළක්වා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ගල් අගුරු බලාගාර සදහා වසරකට අවශ්‍ය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 22 හමාරක තොගය මාස 6ක් තුළ මෙරටට ගෙන්වා ගත යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.