Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි




උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඵම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කල කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඵමෙන්ම බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.