Thursday, April 25, 2024

General line - 0115112241

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් නව වැඩසටහනක්




විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ක්‍රීඩා, සෞඛ්‍ය,  තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ  ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද පැවැති ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව සඳහන් කළා. 

මෙරට සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඵහිදී වැඩිදුරටත් කියාසිටියේ.