Wednesday, April 24, 2024

General line - 0115112241

පැතිර යන උණ වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි දැනුම්දීමක්




රට තුළ පැතිර යන වෛරස් උණ රෝගය පිලිබද වැඩි අවධානයක් යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්නා ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය නෙත් නිවුස් වෙත පැවසුවේ.

වෛරස බෝවීම වළක්වාගත හැකි ආකාරය පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.

සංකූලතා ඇති දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භණී මව්වරුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මෙහිදී ඉල්ලීමක් කළා.

වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් දිනකට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් 40ක් පමණ පැමිණෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.