Friday, March 29, 2024

General line - 0115112241

අලි මිනිස් ගැටුම් ඉහළ යාමට ප්‍රධාන හේතුව වනජීවි ඇමති කියයි




මෙම වසරේ පළමු මාස 11 තුළ අලි - මිනිස් ගැටුම හේතුවෙන් වන අලි මරණ 395ක් හා පුද්ගල මරණ 127ක් සිදුවී ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ  අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ 2021 වසරේ වන අලි මරණ 344ක් හා පුද්ගල මරණ 133ක් වාර්තා වී ඇති බවයි. මෙරට පිහිටි අලිමංකඩ 16 ම මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිර වීම අලි - මිනිස් ගැටුම ඉහලයාමට ප්‍රධාන හේතුව වනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි මංකඩ 05ක් ඇති අතර එම අලිමංකඩ 05 ම අවහිරවීම නිසා එම දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම ඉහල ගොස් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඊට යට වූ වනාන්තරය තුළ සිටි වන අලින් ගම් වැදීමද සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කිලෝ මීටර් 87 ක් පමණ වන විදුලි වැට ඉදි කිරීම් කටයුතු වහාම අරඹන බවද අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සදහන් කළා.