Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි බිල යළි ඉහළ දැමුවහොත් ඇගලුම් කර්මාන්තය දැඩි අර්බුදයක




විදුලි බිල යළි ඉහළ දැමුවහොත් ඇගලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටීමට ලක්වන බව වෙළද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා. ඵහි කැදවුම්කරු ගාමිණි රත්නායක පැවසුවේ ඇගලුම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ කර්මාන්ත රැසක්ම මෙරටින් රැගෙන යාමට දැනටමත් තීරණය කර ඇති බවයි.

ඉන් ඇගලුම් කර්මාන්ත 03 ක් මෙම මස අවසානයේදී රටින් ඉවත් කරගැනීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා. 

පවතින තත්ත්වය හමුවේ සේවකයන්ගේ රැකියාද අහිමි වීමේ දැඩි අවධානමක් පවතින බවයි වෙළද කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණි රත්නායක වැඩිදුරටත් පැවසුවේ.

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීම සදහා  යළිත් ලබන ජනවාරි සහ ජුනි මාසවලදී විදුලි බිල ඉහළ දැමීමටයි ආණ්ඩුව සූදානම් වන්නේ. ඵ් සදහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව මීට පෙර ප්‍රකාශ කෙරුණා. 
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩි කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට අදාළ කටයුතු ද සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් විදුලි බිල වැඩි කිරීමට මේ මොහොතේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක පෙන්වා දුන්නේ තමන් සතුව පවතින දත්ත අනුව එලෙස විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. 

ලබන ජනවාරි මාසයේ සිට සියයට 70 කින් විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවයි ඊයේ ප්‍රචාරය වූ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ.