Thursday, April 25, 2024

General line - 0115112241

බන්ධනාගාරයට රන් සම්මානයක්




2022 වාර්ෂික කාර්ය සාධන වාර්ථාව සහ ගිණුම් සඳහා වන රන් සම්මානය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිමිකරගෙන තිබෙනවා. ඵ් 2022 රාජ්‍ය මුල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ වාර්ෂික සම්මන්ත්‍රණය සහ හොදම කාර්ය සාධන වාර්ථාව හා ගිණුම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවයේදීයි.

ඵම උත්සවය  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණු ඵය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය එක්වයි. 

ඵහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිමිකරගත්තේ 2020 වර්ෂයේ ඉදිරිපත් කරන ලද කාර්ය සාධන වාර්ථාව සහ ගිණුම් සඳහා දෙපාර්තමෙන්තු කාණ්ඩයේ රන් සම්මානයයි.  

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර පැවසුවේ දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිළධාරීන් කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම සම්මානය දිනා ගැනීමට හැකිවූ බවයි.  

ගිණුම්කරණ හා කාර්ය සාධනය පසුගිය වසරවල ඉතා ඉහල මට්ටමක පවත්වාගැනීම තවත් හේතුවක් වූ බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා. මෙම රන් සම්මානය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙය වනවා.