Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට ඉහළ සිසු සහභාගිත්වයක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය මේවනවිට සාර්ථකව පැවැතවෙනවා. ඒ, රාජගිරිය, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදීයි.

සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන්.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාව සදහා මැලිබන්, ගෝල්ඩ් මාරි අනුග්‍රහය ලබා දෙනු ලබනවා.