Friday, April 19, 2024

General line - 0115112241

ආගමික ස්ථානවලට සූර්ය පැනල සවිකිරීම ජනවාරියේ සිට




2023 ජනවාරි මාසයේ සිට ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ගම්පහ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය වසර 02 ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. 

මේ අතර පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ මත්ද්‍රව්‍ය ගැටළුව විසඳීමට නම් සිදුකළ යුත්තේ ඊට සම්බන්ධ මහ මොළකරුවන් නීතිය හමුවට පැමිණවීම බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.