Thursday, March 28, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට




ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා මත එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි මෙල්බර්න් නුවර පදිංචිකරුවෙක්. මියගොස් ඇත්තේ ඔහුගේ 44 හැවිරිදි බිරිඳ වන අතර ඇය තිදරු මවක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.