Thursday, April 25, 2024

General line - 0115112241

තුන්වන වාරය අද සිට - පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට අවධානය




මෙම වසරේ 03 වන පාසල් වාරය අදින් ආරම්භ වනවා. ඒ අනුව අදින් ආරම්භ වන 03 වන පාසල් වාරය එළඹෙන මාර්තු මස 24 වනදායින් අවසන් කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වාරය ආරම්භ වීම අවස්ථා කිහිපයකදී ප්‍රමාද වුණා. ඒ හේතුවෙන් මෙවර ද දෙසැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතව තිබූ 03 වන පාසල් වාරය මාර්තු මාසයේදී අවසන් කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සඳහා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලුදෙනා ඊට සහය දැක්විය යුතු බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් පෙන්වා දුන්නේ.