Tuesday, April 23, 2024

General line - 0115112241

නෙත් නිවුස් ප්‍රශ්නයකින් කිරිඇල්ලගේ රතු කට්ට පනී




මහජන නියෝජිතයින් සිය වගකීම නිසිලෙස ඉටු නොකිරීම හේතුවෙන් රට වර්තමාන අර්බුදයන්ට මුහුණ පා ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වයට පාර්ලිමේන්තුව ද වගකිව යුතු බවයි.

එමෙන්ම රටේ වත්මන් අර්බුදය පිළිබඳ දැනුවත්ව පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන්නේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පමණක් බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නේ. බොහෝ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදී මාතෘකාවට අදාළව අදහස් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම අදහස් පළ කළා. 

පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විවාදවලදී මාතෘකාවට අදාළව අදහස් නොදැක්වීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා.   

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවාදවලදී මාතෘකාවට අදාළව අදහස් නොදැක්වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කථානායකවරයා බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ. බොහෝ මන්ත්‍රීවරුන් මාතෘකාවට අදාළව අදහස් නොදැක්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.