Saturday, April 20, 2024

General line - 0115112241

රටට ලැබෙන විදේශ විනිමයෙන් අනවශ්‍ය වියදම් සිදුකිරීම තවදුරටත් - ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි




මෙරටට ලැබෙන විදේශ විනිමය තවදුරටත් අනවශ්‍ය ලෙස වියදම් කරමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පැවසුවේ මෙරටට ලැබීමට නියමිත විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට තුළට ඍජුවම ගලාඒමක් ද දක්නට නොලැබෙන බවයි. 

රටට ගලාඑන විදෙස් මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් රටේ අවශ්‍යතා වෙනුවෙන් වියදම් නොකළ යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.