Saturday, April 20, 2024

General line - 0115112241

පුවත්පත් කතුවරයෙකුට කතානායකගෙන් අවවාද




පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තා කිරීමේදී කරුණු සොයා බලා සත්‍ය වාර්තාකරන ලෙසට පුවත්පත් කතුවරයෙකුට තරයේ අවවාද කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඒ, ඉකුත්දා පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවට සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබූ වාර්තාවක් සාවද්‍ය බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින්.

එහිදී අදහස් දැක්වු සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවිය යුතු බවයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව අදහස් දැක්වූයේ මෙලෙසයි.