Saturday, April 20, 2024

General line - 0115112241

විදෙස් සංචාරකයින් 481 දෙනෙක් රැගත් මගී නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙයි

සනත් ගමගේ / රාහුල් සමන්ත




විදෙස් සංචාරකයින් 481 දෙනෙක් රැගත් අසමාරා ක්වෙස්ට් මගී නෞකාව අද පෙරවරුවේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායට ළඟා වුණා.  කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණි සංචාරක මගීන් රැගත් දෙවන නෞකාව මෙය වනවා.

කොළඹ වරායේ සිට හම්බන්තොට වරායට පැමිණි සංචාරක මගී නෞකාවෙන් ගොඩ බට විදෙස් සංචාරකයින් යාල ජාතික උද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවන හා හම්බන්තොට සහ තංගල්ල ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ සිට අද රාත්‍රී ඉන්දුනීසියාවේ සබාන් වරාය බලා පිටත්ව යාමට නියමිතයි.