Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලි ඒකකයක් සදහා රුපියල් 56 ක ස්ථාවර ගාස්තුවක් ගැන යෝජනා




2023 වසරේදී අඛණ්ඩව විදුලිය සැපයීමට නම් විදුලි ඒකකයක් සදහා රුපියල් 56 යි ශත 90 ක් වැයවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ දැනට විදුලි ඒකකයක් සදහා අය කරන සාමාන්‍ය ගාස්තුව රුපියල් 29 යි ශත 14 ක් වන බවයි. ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 423 යි දශම 5ක පමණ පාඩුවක් සිදුවන බවද අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා. 

මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින් ගණන 67 ලක්‍ෂ 9,574 ක් වන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙන්නේ. සෑම විදුලි ඒකකයක් සදහාම රුපියල් 56 යි ශත 90 ක ස්ථාවර ගාස්තුවක් අය කර අඩු ආදායම්ලාභී පවුල් සදහා ඍජු දීමනාවක් ලබාදිය යුතුය යන්න සිය පුද්ගලික අදහස වන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර තැබූ ට්විටර් සටහනේ වැඩිදුරටත් සදහන්.