Thursday, April 25, 2024

General line - 0115112241

උසස් පෙල සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹෙයි




2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා  පළමුවරට පෙනී සිට විභාගය සමත්ව උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඒ අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතු වනවා.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලබන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.