Friday, April 26, 2024

General line - 0115112241

මිනිස් ජාවාරම්වලට සම්බන්ධ හය දෙනෙකු නාවික හමුදා භාරයට




නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන  පුද්ගලයින් 20 දෙනෙකු නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනු පිරිස අතර සිටින බවයි නාවික හමුදාව පැවසුවේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් විසි දෙනා කලවංචිකුඩි, මඩකලපුව, මූතූර්, යාපනය සහ මීගමුව යන  ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම පිරිස සහ බහුදින ධිවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදෙන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේ.