රට කඩා වැටීමට බලපෑ හැකි තරමේ ආර්ථික අපරාධ සිදුවීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට අද එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අද විවාදයට ගැණුනේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයි.
එහිදී අදහස් දැක් වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ කියාසිටියේ පසුගිය කාලසීමාව තුළ මෙරට අපනයන ආදායමෙන් රුපියල්වලට පරිවර්තනය වී ඇත්තේ සියයට 23ක ප්‍රතිශතයක් පමණක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද එහිදී අදහස් පළ කළා.
මෙරට ප්‍රධාන අපනයනකරුවන් සිය දෙනෙකුගේ අපනයනයන් සම්බන්ධ තොරතුරු මහබැංකුව කැඳවා ඇතත් ඉන් තොරතුරු ලබාදී ඇත්තේ 57දෙනෙකු පමණක් බවද අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මෙහිදී කියාසිටියා.
මේ අතර විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් කියාසිටියේ 21 වන ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි ලෙස ශ්‍රී ලාංකිකයෙකු නොවන අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන බවයි. අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග සභාවේ ඇති වූයේ මෙවන් සංවාදයක්.