Wednesday, April 17, 2024

General line - 0115112241

ලංගම සභාපතිට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමක්




ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති  කිංස්ලි රණවකට වහාම එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම් දි තිබෙනවා.

රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත ජනතාවට පහසුකම් සැලසීම හා ප්‍රවාහන සේවය නගා සිටුවීමට හා කාර්යක්ෂම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙත අවනත නොවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි ප්‍රවාහන හා මාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ.

2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් එම දැනුම්දීම සිදුකර ඇති බවද ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළා. 

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතාමතාම ක්‍රියාත්මක නොකිරීම මේ සඳහා බලපා ඇති ආසන්නතම හේතුව බවත් රජය විසින් අරමුණු කර ඇති ජන හිතවාදී ඉලක්කයන් කරා ආයතනය රැගෙන යාමට දායකත්වය ලබා නොදීම ද එම තීරණයට හේතු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.