Saturday, April 20, 2024

General line - 0115112241

බිත්තර හිගයට විසඳුමක් සොයන්න අද තවත් සාකච්ඡාවක්




බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ බිත්තර නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයම රැකෙන ආකාරයේ තීරණයකට එළඹීමට එහිදී හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මෙරට මාසික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 70 ක් පමණ වන අතර උත්සව සමයේදී එම අවශ්‍යතාව ලක්ෂ 85 ක් දක්වා ඉහළ යනවා. කෙසේවෙතත් මේ වන විට එම අවශ්‍යතාවයෙන් සියයට 50 ක පමණ ප්‍රමාණයක් හෝ බිත්තර නිෂ්පාදනයට නොහැකිවී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

වෙළඳපොලේ බිත්තර හිඟයට බලපා ඇති හේතු පිළිබඳ සමස්ථ ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් කරුනු දැක්වූයේ මෙලෙසයි.