Thursday, March 28, 2024

General line - 0115112241

ගුවන් යානා බද්දට ගැනීම ගැන ඇමති නිමල් තොරතුරු හෙළි කරයි




ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා ගුවන් යානා කිහිපයක් බද්දට ගැනීමට තීරණය කර ඇත්තේ දැනට බද්දට ලබාගෙන ඇති යානාවල බදු කාලසීමාව ඉදිරියේදී අවසන්වීමට නියමිතව තිබීම හේතුවෙන් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය වූ ඊයේ දිනයේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂ ඊයේ විවාදයට ගැනුණා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුවහගතකරණය කරන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එහිදී සඳහන් කළා. 

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 09 යි 30 ට යළි ආරම්භ වනවා. කෘෂිකර්ම, වාරිමාර්ග හා ධීවර අමාත්‍යංශවල වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිතයි.