Tuesday, May 21, 2024

General line - 0115112241

වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු CCD අත්අඩංගුවට




වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මුදල් ලබාදෙන බව පවසා දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක් තුලදී වකුගඩු ලබාගෙන මුදල් ලබානොදුන් බවට කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු විසින් බොරැල්ල පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු වකුගඩු මුදලට ලබාදෙන පුද්ගලයා හා ලබාගන්නා පාර්ශවය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත්, තැරැව් ගාස්තුවලට අමතරව වකුගඩුව ලබාදෙන පුද්ගලයාට අනෙක් පාර්ශවයෙන් ලබාදෙන මුදල්වලින් කොටසක් ද වංචා කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. එම සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.