Tuesday, May 21, 2024

General line - 0115112241

පුංචි ඡන්දයට ව්‍යවස්ථා සභාව හරස් වෙයිද? කිරිඇල්ලගෙන් ප්‍රශ්නයක්




රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂ නියෝජනය නොකරන මන්ත්‍රිවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර ගැනීම සඳහා විශේෂ රැස්වීමක් ලබන 08 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව නිවේදනය කළා. විපක්ෂ නායකවරයා අයත් සමගි ජනබලවේගය සහ රජය නියෝජනය නොකරන සියලුම මන්ත්‍රීවරුන්ට එම රැස්වීමට සහභාගී වන ලෙසයි කථානායකවරයා එහිදී දැනුම් දුන්නේ. 

කෙසේවෙතත් එම අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් පත් කිරීමට ආණ්ඩුව උත්සහ දරන්නේ මැතිවරණ කොමිසම නැවත පත් කර මැතිවරණ කල් දැමීමේ අරමුණින් බවයි. 

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විපක්ෂය එල්ල කළ චෝදනාවට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.