Tuesday, May 21, 2024

General line - 0115112241

බිල වැඩි නොකළොත් පැය 06 කට අධික විදුලි කප්පාදුවක් - ඇමති කංචන පාර්ලිමේන්තුවේදී කියයි




විදුලිබිල නැවත වරක් වැඩි නොකළ හොත් ලබන වසර තුළ පැය 06 කට අධික දීර්ඝ විදුලි කප්පාදුවකට ජනතාව සූදානම් විය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබිල යළි වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු යොමු කළ ප්‍රශ්නයකට අද පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

විදුලිබිල නැවත වැඩිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නීතිපතිවරයාගේ ද උපදෙස් අනුව බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර අයවැය කාරකසභා අවස්ථා විවාදය 12 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. අද විවාදයට ගැනෙන්නේ කෘෂිකර්ම, වාර්මාර්ග හා ධීවර අමාත්‍යංශවල වැය ශීර්ෂයි. එම විවාදයේ තොරතුරු සවස 06 යි 45 නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.