Tuesday, May 21, 2024

General line - 0115112241

සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවීම චාරිත්‍රානුකූලව ඇරඹේ

ලසන්ත නිරෝෂන




මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරමින් පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමා ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කරවීම අද චාරිත්‍රානුකූලව ආරම්භ කෙරුණා.

ඒ, ශ්‍රී පාදස්ථානයේ ප්‍රධාන ගමන් මාර්ග 04 ඔස්සේයි. සධාතුක කරඬුව සහ දේව ආභරණ හෙට උදුවප් පුර පසළොස්වක පොහොය දා අලුයම ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැන්පත් කිරීමෙන් පසු තේවාවන් සිදුකර මෙවර ශ්‍රී පාද වන්දනා වාරය චාරිත්‍රානුකූලව ආරම්භ කිරීමට නියමිතයි.