Friday, March 29, 2024

General line - 0115112241

මුදලිගේට සහ සිරිධම්ම හිමිට කඩුවෙල අධිකරණයෙන් ඇප




පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා එල්ල වි සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ ඔවුන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් දෙදෙනා මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රඳවාගෙන විමර්ශන සිදුකෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.