Wednesday, May 22, 2024

General line - 0115112241

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා වැඩසටහන දවස පුරා




උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අද වැනි දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

ශ්‍රී පාද වන්දනා සමය ද අදින් ආරම්භ වීම විශේෂත්වයක්.

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොලොන්නාව පුරාණ විහාරවාසී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ. 


අද අලුයම 05 යි 30 ට යෙදී තිබූ සුබ මොහොතින් 2022 - 2023 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කෙරුණේ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී පාද මළුවේ රැඳී සිටින නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂගෙන්.  



මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන යටතේ පිංකම් රැසක් අද දිනය පුරා පැවැත්වෙන අතර එම සියලු වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.