Tuesday, May 21, 2024

General line - 0115112241

කසල තේ තෝගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට




වෙළම්බඩ, කූරදෙනිය පාර ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගබඩාවක සිදුකළ වැටලීමකදීයි. 

එහි තිබී කසල තේ කිලෝ ග්‍රෑම් 15,842 ක් සොයාගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෙක්. 

කසල තේ තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තේ මණ්ඩලයේ ගම්පොල කාර්යාලය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.