Tuesday, May 21, 2024

General line - 0115112241

විදුලි බිල ඉහළ දැමීමේ යටි අරමුණක් ඉංජිනේරුවන් පෙන්වාදෙයි




විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව උත්සහ කරන්නේ අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කිරීමට අවස්ථාවන් තිබියදී බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න පැවසුවේ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉහළගොස් ඇති පිරිවැයෙහි බර පාරිභෝගිකයින් මත පැටවීම කිසිලෙසකින්වත් නොකළ යුතු බවයි. 



එසේ නම් මෙවන් අවස්ථාවක විදුලි බිල ඉහළ දැමීමට බලධාරීන් සූදානම් වන්නේ මන්දැයි නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.