Wednesday, May 22, 2024

General line - 0115112241

ජයවර්ධනපුර රෝහලේ අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්නැයි උපදෙස්




කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පවතින පරිපාලන දුර්වලතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් කමිටුවේ අවධානයට ලක්වී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව හමුවට එම රෝහල් බලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විගණකාධිපතිවරයා විසින් මීට වසර පහකට පෙර සිදුකරන ලද විගණනයකට අදාළ තොරතුරු සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පිළිබඳ සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට අයත් ඉඩම් බාහිර පාර්ශවයන් විසින් අත්පත් කරගැනීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා රෝහල් බලධාරීන්ගෙන් මෙලෙස විමසා සිටියා.


ඒ සම්බන්ධයෙන් විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න ද අදහස් පළ කළා.


ඉන් අනතුරුව ඉදිරිපත් කෙරුණු ප්‍රශ්ණවලට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මෙලෙස පිළිතුරු ලබාදුන්නා.


කෙසේවෙතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අයත් ඉඩම් භාහිර පාර්ශවයන් අත්පත් කර ගැනීම හරහා වංචාවක් මෙන්ම ඊට අනුබල දීමක් ද සිදුව ඇතැයි කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න එහිදී පැවසුවේ. 


ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයට අයත් ඉඩම් ප්‍රමාණය නිෂ්චිතව හඳුනාගෙන අනවසර පදිංචිකරුවන් සිටී නම් ඔවුන්ව ඉවත් කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසට කෝප් කමිටුව විසින් එහිදී නිර්දේශ කර තිබෙනවා.