Tuesday, May 21, 2024

General line - 0115112241

ජනතාවගේ දෛනික බත් කෑම කිලෝ ලක්ෂ 10 කින් අඩුවේ




මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් පමණ අඩුවී ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සහල් කිලෝ ලක්ෂ 65 ක් පමණ වූ මෙරට දෛනික සහල් පරිභෝජනය මේවනවිට සහල් කිලෝ ලක්ෂ 55 ක් පමණ දක්වා පහත වැටී ඇති බවයි. 


මෙරට සහල් පරිභෝජන රටාව වෙනසකට ලක්වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය ද ප්‍රකාශ කළා. එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ මෙම තත්ත්වය වී මිලට ද බලපෑමක් එල්ල කර ඇති බවයි.