Tuesday, May 21, 2024

General line - 0115112241

2026 තෙක් විදුලි බිල අඩු නොවන ලකුණු




ලබන වසරේ ජනන සැලැස්මට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගැටලුවකින් තොරව මෙරටට ලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද දිනයේද ගල් අඟුරු රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන බවයි එහි සභාපති නලින්ද ඉංගකෝන් පැවසුවේ.


ඉදිරි වසර 04 තුළ පුනර්ජනනීය බලශක්තිය භාවිතයන් මෙගාවොට් 2,500 ක් උත්පාදනය කිරීමට අපෙක්ෂා කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බෙදාහැරීම් රොහාන් සෙනෙවිරත්න පැවසුවේ.


විදුලි බිල අඩු කරගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සූර්්‍ය පැනල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


විදුලි බල මණ්ඩලය ඊයේ කැදවූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ වුණා.