Friday, May 17, 2024

General line - 0115112241

සුළි කුණාටුවක් ගැන අවවාදාත්මක නිවේදනයක්




මැන්ඩුවොස් නම් සුළි කුණාටුවක් පිලිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඵ්, මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගිණිගොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක යන ප්‍රදේශ සදහායි.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.  

මෙම සුළි කුණාටුව හෙට මධ්‍යම රාත්‍රිය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි ඵම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.