Tuesday, May 21, 2024

General line - 0115112241

මාතර සහ මහනුවරට ජල කප්පාදුවක්




මාතර සහ මහනුවර ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මාතරට අයත් මඩිහ, කඹුරුගමුව, කොටවිල, හේනේවල, මිරිස්ස, වැව්හමන්දූව සහ ගාලුපාරේ කඹුරුගමුවේ සිට මිරිස්ස ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පෙරවරු 10 යේ සිට පස්වරු 06 දක්වායි.  

මාලිම්බඩ ජල ටැංකියේ සිට ඉසදින් නගර ජල ටැංකියට ජලය රැගෙන එනු ලබන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

 
මහනුවරට අයත් කොණ්ඩදෙනිය, කුළුගම්මන, නුගවෙල, රජපිහිල්ල, මැදවල, කුරුගොඩ සහ තෙලඹුගහවත්ත ජලාශ මඟින් ජලය සපයන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අද පෙරවරු 09 යේ සිට පස්වරු 05 දක්වායි.

ඒ, කටුගස්තොට, යටිවාවල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.