Friday, May 17, 2024

General line - 0115112241

ලෝකයේ උසස්ම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දෙන්න ඇමෙරිකාවේ එකඟතාව




ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිතා කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය පවසනවා.

ඔවුන් මෙම අදහස් පල කලේ කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීයී.

එහිදී  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ නියෝජිතයින් පවසා ඇත්තේ ලෝකයේ දියුණුම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තම ආයතනය තීරණය කර ඇති බවයි.

එමෙන්ම ඇඹුල් කෙසෙල් අපනයනය සඳහා ගත් පියවර හා වැඩි අස්වැන්නක් අඩු බිම් ප්‍රමාණයකින් ලබා ගැනීම සඳහා හඳුන්වා දී තාක්ෂණික ක්‍රම  අගය කරන බවද  ඔවුන් පවසා තිබෙනවා.