Tuesday, May 21, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලය සමාගම් 18ක් කිරීමේ යෝජනාවක් ගැන අනාවරණයක්




ලංකා විදුලිබල මණ්ඩලයේ සමාගම් 18 ක් බවට පත් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

ඒ, 2023 අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින්.



ජල විදුලිය මෙලෙස පෞද්ගලීකරණය කිරීම රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව ඔහු මෙහිදී පැවසුවා.



විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.



විදුලිබල මණ්ඩලය ලබන පාඩුව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.


මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ විදුලිබිල වැඩි කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.


මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට රුපියල් බිලියන ගණනක් ගෙවීමට සිදුව ඇති බවයි.


මේ අතර දැඩි කොන්දේසි මත කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග සඳහා අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.


2023 අයවැය කාරකසභා අවස්ථා විවාදය මේ වන විටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර එහි සජීවී දර්ශණ නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.